අතුල රත්නායක ලන්ඩනය

2025 ජුලි කලාපය

පුදුම ලෝකයක්

ලැව්ගිනි ඇවිලෙන
ග්ලැසියර දියවෙන
පොලොව පාත්වෙන
වතුරින් යටවෙන

උදේම නැගිටින
වැඩට පොලට යන
අනාගතය ගැන
විතරම හිතමින

කිසිවක් නෑසෙන
දෑසමනොපෙනෙන
පුදුම ලෝකයකි
අපි ජීවත්වෙන
View Poem