ගනේවත්ත සේනත් සමුගත්තේය
සෙනේ බැදුණෙ කවියට බව සත්තේය
පිනේ බලෙන් සිටියේ ඉහ මත්තේය
අනේ කුමක් කරමුද නොම දත්තේය
ගනේවත්ත සේනත් සමුගත්තේය
-----
ගැලුවා වැනිය ගගුලක් හිටිවන කවිය
දිණුවා රටම මුවහත් කර කවි අවිය
තැණුවා නම් අගෙයි දිවිතුරු සිය දිවිය
දුටුවා ඔබෙන් නෙක දන කවියෙහි සවිය
------
මී වදයකින් ගැලු මී පැණි රස විසිරී
කී කවි ,ලියු කවි යුග ගණනක් මිහිරී
ජීවන මංපෙතේ සෙල්ලිපි වල ඇතිරී
පායන සඳ වගේ දිදුලයි නිති පැතිරී
------
තැණු සිසු පිරිස ඔබැ රස දත් දසත වැසි
දැණුවත් බවෙන් අගපත් කවි සදැස දිසි
දිණු දේශයට ගෙන දෙන පෑ සදිසි සිසි
දෙනුවන් සලා එනු දැකුමට එදන විසි
-----
වියතුන් සබා මැද නංවා කවියෙ හඬ
ගිය ගිය කොතැන වුව පෙන්වූ සොදුරු වැඩ
දියවැල වියැකුණත් ඉන්පසු සතර කඩ
මිය ගිය පසුව ඔබැ, කාටද එතැන ඉඩ
---
සරමින් නදුන් උයනේ සුරලියන් වසා
ගයමින් පුරුදු කවි යවහන් දෝෂ නසා
විදිමින් කොතක් කල් සිටියද ඇතිව
තොසා
පුරමින් පෙරුම් යළි එනු හෙළබිමට
බැසා
=============================
රාජ්‍ය කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
========================
0711481624
19/6/2025
පිනේ බලෙන් සිටියේ ඉහ මත්තේය
අනේ කුමක් කරමුද නොම දත්තේය
ගනේවත්ත සේනත් සමුගත්තේය
-----
ගැලුවා වැනිය ගගුලක් හිටිවන කවිය
දිණුවා රටම මුවහත් කර කවි අවිය
තැණුවා නම් අගෙයි දිවිතුරු සිය දිවිය
දුටුවා ඔබෙන් නෙක දන කවියෙහි සවිය
------
මී වදයකින් ගැලු මී පැණි රස විසිරී
කී කවි ,ලියු කවි යුග ගණනක් මිහිරී
ජීවන මංපෙතේ සෙල්ලිපි වල ඇතිරී
පායන සඳ වගේ දිදුලයි නිති පැතිරී
------
තැණු සිසු පිරිස ඔබැ රස දත් දසත වැසි
දැණුවත් බවෙන් අගපත් කවි සදැස දිසි
දිණු දේශයට ගෙන දෙන පෑ සදිසි සිසි
දෙනුවන් සලා එනු දැකුමට එදන විසි
-----
වියතුන් සබා මැද නංවා කවියෙ හඬ
ගිය ගිය කොතැන වුව පෙන්වූ සොදුරු වැඩ
දියවැල වියැකුණත් ඉන්පසු සතර කඩ
මිය ගිය පසුව ඔබැ, කාටද එතැන ඉඩ
---
සරමින් නදුන් උයනේ සුරලියන් වසා
ගයමින් පුරුදු කවි යවහන් දෝෂ නසා
විදිමින් කොතක් කල් සිටියද ඇතිව
තොසා
පුරමින් පෙරුම් යළි එනු හෙළබිමට
බැසා
=============================
රාජ්‍ය කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
========================
0711481624
19/6/2025