නාස්තිකාර වත
රැඳී සුමිතුරු සාද මැද
ඇදී මධු කුසලානෙ වැද
බැඳී ළඳුන ගෙ හාදු විඳ
සිඳී සිහිනය බිඳුණු සඳ
පෙර විලස
පුරුදු ලෙස
සිහි එළැඹ
පසුතැවී
ඇදෙන්නෙමි නිවස වෙත,
තාත්තා දැන් එතියි රෑ පුරා බලා හිඳ
සොවින් නින්දෙහි ගිලුණු
සෙනේබර පොඩි පුතු ගෙ ළපටි මුව සිහිපත් ව
ගාට ගාටා ඇදෙමි නිවස වෙත,
මම,
අකීකරු පියාණෝ!
ඇදී මධු කුසලානෙ වැද
බැඳී ළඳුන ගෙ හාදු විඳ
සිඳී සිහිනය බිඳුණු සඳ
පෙර විලස
පුරුදු ලෙස
සිහි එළැඹ
පසුතැවී
ඇදෙන්නෙමි නිවස වෙත,
තාත්තා දැන් එතියි රෑ පුරා බලා හිඳ
සොවින් නින්දෙහි ගිලුණු
සෙනේබර පොඩි පුතු ගෙ ළපටි මුව සිහිපත් ව
ගාට ගාටා ඇදෙමි නිවස වෙත,
මම,
අකීකරු පියාණෝ!