අනුරාධා ගුණසේකර හොරණ

2025 ජුලි කලාපය

කොයි තරම් ලස්සනද මල් කැකුළු හිනැහෙද්දි

එකම ඉර හඳ යට
වෛරයේ ගිනිසිළුය
දැවි දැවී යදින්නේ
ජීවිතේ පනනලය
බිඳී විසිරී ගිය
මල් කැකුළු හැම අතය
හැඬුම් සෝ සුසුම් මැද
ලොවක් අද කම්පිතය .....

දෙ අත් දිගු නෑ පුතේ
වැළඳ උණුහුම දෙන්න
දෙනෙත් තෙත්වෙලා යයි
ගැහෙන හා පැටවි දැක
හීන අහුලනවද
වැටුණු ගොඩනැගිලි යට
මොන පවක් කලාටද
දරුවන්ට මේ දුක ....

ඇස්පනපිට හීන
ගිනි අරන් ඇවිලෙද්දි
දුහුවිල්ලෙන් දෙනෙත්
වැසී බොඳවී යද්දි
බඩගින්න , පිපාසය
උහුලන්න බැරි වෙද්දි

ඒත් ...

කොයි තරම් ලස්සනද
මල් කැකුළු හිනැහෙද්දි ....


Photo Credit ; Ethan Robertson
View Poem