ජය ?
මහළු ලොක්කන් හට කෝට් හැඳි තිබෙන්නේ බල ලෝභයයි
යුද්ධ කරමින් වපුරන්නෙ අද ලොව වනසනා බීජයයි
සුන්වු පොළොවක හෙට වැඩෙන්නේ පළිගැනීමේ ශාඛයයි
ඉදුනුදා හටගැනුනු ඒ ඵල ණය ගෙවන්නේ ලෝකයයි
ගිණි අවියකින් මිදෙන උණ්ඩය වැද මැරෙන්නේ ප්‍රේමයයි
බෝම්බයකින් බිඳී යන්නේ කලක් ගොඩනැගි ප්‍රීතියයි
මිසයිලයකින් උඩට විදොනා බිම දමන්නේ සාමයයි
නිහඬ වූවොත් නිමා වන්නේ පොළොව මත මනු ජාතියයි