නූතන මහාප්‍රජාපති ගෝතමිය
ස්වේතයම නොවුණිද
පඬු පැහැය තැවරුණ
සිල් රෙද්ද දරනු වැනි
කුදු වූ වත වැහැරුණ
අත දරන කිරි ඉද්ද වට්ටියේ හිනහෙන
මල් වගෙයි තුන්සිතම පිනට නුඹේ පේවුන
සමිති කුළඟන අතර නොමැති නම කියවෙන
මස ට එක් දිනක් ගමෙ විහාරයෙ හැඩ දකින
ප්‍රජාපති මව් ය නුඹ දරු ද මුණුබුරු රකින
කිතුල යට ගිරිකුළ
දනිඳ තුනටියෙ රිඳුම
නොනැගිටින වග නොවෙද
වෙඳදුරන් නිගමන
ඉතිං කිරි සප්පයින්
සිව්දෙනයි කුටුම්භය
රකින්නයි ගියේ ඈ
නොවේ ඒ මක්කම
කරදරයි මෙහේ හරි
බායි ලා සැරයි හරි
නොකිව්වත් ඉඳහිටක
ලියා එවු කොළයක
ඇගෙම පන්තියේ වුන්
නීලා කිව් විස්තරය
" අයියෙ අපි හිටියෙ ළඟ
ගෙවල් නොව මැඳුරු වල
බායි ලා නෝනලා
සැරයි නොවැ එහි බොහොම
මගෙත් ඇඟ ඇතුලෙ ඇණ
හත අටක් තව එහෙම
රාණි ඉස්පිරිතාලෙ
එයිද දන්නෑ කොහොම "
එදා සිට වගක් නැත
මගේ මහමායාවී
හොයන්නට ඉඩක් නොම
බිඳුණු කොන්ඳෙන් පෙරී
දිවි දඹේ හැත්තෑහත්
පියගැටෙත් නොම හැරී
රකියි මව් සිය දරුද
මව් අහිමි දරු කැළද
ලෙද ප්‍රජා ගෝතමී
එකම එක දිනය අද
තිස් දොහක් තුල ලබන
ඇය නොවෙයි විහාරය
පේවෙලා බලයි මඟ
කැරකෙනා විසිවෙනා
නේක ඉටි මල් අතර
ඉඩදෙන්න මලසුනේ
කිරි ඉද්ද වට්ටියට...
පඬු පැහැය තැවරුණ
සිල් රෙද්ද දරනු වැනි
කුදු වූ වත වැහැරුණ
අත දරන කිරි ඉද්ද වට්ටියේ හිනහෙන
මල් වගෙයි තුන්සිතම පිනට නුඹේ පේවුන
සමිති කුළඟන අතර නොමැති නම කියවෙන
මස ට එක් දිනක් ගමෙ විහාරයෙ හැඩ දකින
ප්‍රජාපති මව් ය නුඹ දරු ද මුණුබුරු රකින
කිතුල යට ගිරිකුළ
දනිඳ තුනටියෙ රිඳුම
නොනැගිටින වග නොවෙද
වෙඳදුරන් නිගමන
ඉතිං කිරි සප්පයින්
සිව්දෙනයි කුටුම්භය
රකින්නයි ගියේ ඈ
නොවේ ඒ මක්කම
කරදරයි මෙහේ හරි
බායි ලා සැරයි හරි
නොකිව්වත් ඉඳහිටක
ලියා එවු කොළයක
ඇගෙම පන්තියේ වුන්
නීලා කිව් විස්තරය
" අයියෙ අපි හිටියෙ ළඟ
ගෙවල් නොව මැඳුරු වල
බායි ලා නෝනලා
සැරයි නොවැ එහි බොහොම
මගෙත් ඇඟ ඇතුලෙ ඇණ
හත අටක් තව එහෙම
රාණි ඉස්පිරිතාලෙ
එයිද දන්නෑ කොහොම "
එදා සිට වගක් නැත
මගේ මහමායාවී
හොයන්නට ඉඩක් නොම
බිඳුණු කොන්ඳෙන් පෙරී
දිවි දඹේ හැත්තෑහත්
පියගැටෙත් නොම හැරී
රකියි මව් සිය දරුද
මව් අහිමි දරු කැළද
ලෙද ප්‍රජා ගෝතමී
එකම එක දිනය අද
තිස් දොහක් තුල ලබන
ඇය නොවෙයි විහාරය
පේවෙලා බලයි මඟ
කැරකෙනා විසිවෙනා
නේක ඉටි මල් අතර
ඉඩදෙන්න මලසුනේ
කිරි ඉද්ද වට්ටියට...