නිතිඥ ලක්ෂිකා රත්නායක

2025 ජුලි කලාපය

සුදු කමිස

මටසිලුටු සුමුදු මල් මකරන්ද විහිදුවා
රොන් කෙමිත් දඟ දමා හිත් උයන් සැරසුවා
සිරි යහනේ දෙපැත්තක යුග නෙතක් තෙත් වුණා
පිච්ච මල් සුවඳකින් හිස් තැනක් ඇති වුණා

ඉඳහිටක අරලියා සුවඳකුත් පැතිරුණා
පෑරැනත් හිතක තතු පෑල දොර ඉවසුවා
නෙත් දෑල පිරීගිය උණුහුමක් ගල් වුනා
බුදුන් ලඟ දණ නමා කුටුම්භය සැනහුවා

කටු ඇනුණු උර තලයේ රෝස සුවඳක් තබා
දුක කියු පපුතුරේ මල් සුවඳ පොබ කලා
දරු දුකින් බර වුනත් ගෑනු හිත ඉල්ලනා
ආදරය ගැන දන්න දුක් දරන පතිනි මා

හිර ගෙයක් නොවන්නට ගෙයි මිදුල සරසලා
කඳුළු එක්කහු කරන් නිදි යහන සැරසුවා
මල් සුවඳ මැකෙන්නට කමිස කර පිහිදලා
ඔබෙ සුවඳ ශේෂ කර සුදු කමිස හේදුවා
View Poem