රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2025 ජුලි කලාපය

රජෙකුගේ අග රැජින

මළ පොතේ අකුරු බැරි
රූසිරෙන් අග පැමිණි
දිසාපාමොක් ඇදුරුගේ
බාල දුව මම වෙච්චි

හොඳම සිසුවා වන තෙක්
මගධයේ මහ රජුගේ
වැඩිමහල් කොලු දෙස
නෙත් හෙලා බලමින්නේ

ලැබෙනවා ලැබෙනවාමයි
මගේ හිමි සඳ ලෙස
මගධ රට රජ වූ පසු
මමයි අග රැජින එහි

සූපයේ කෙළ පැමිණි
මෝස්තර හඹා යන
කුමරි මනමේටත් බැරිවූ
රජෙකුගේ අග රැජින මම

Switzerland

Photo Credit; Saatchi Arts
View Poem