සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2025 ජුලි කලාපය

විහඟ සිළුවට

එය අවසාන හිරු කිරණය
පබසර අහසක රැඳුණ
දුටිමි මම එකිරණෙහි එතෙන
විහඟෙකුගෙ සිළුවට

තරු රටා අහසේ
අමුණන විට
අවුල් වලා මගහැර
දුවනා සඳ යට
නෙත් යුග පියාගෙන
ගිළි ගිළී තනි වුණෙමි
දැවෙන සංවේදනා මැද


දෑස් හැර නොබැලීමී
එවිට මනසින් දුටිමි
ගලා එන සඳ කිරණෙද එතෙනු
නම් ගම් නොදත්
ඒ විහඟ සිළුවට
දැනුණි මට
සෙමෙන් පියපත් සලා
නිවන'යුරු
මහද සංවේදනා රැස


Photo credit;
Katherine Marchena
View Poem