පාලුවට මහ මෙරක්
පාලුවට මහ මෙරක්
නුඹ දුරින් දිලෙද්දී
හීනියට රස විතක්
දෙතොලඟේ රැදෙද්දී
දාරයට වැහි වළා මෝදු වී
හැලෙද්දී
හීනයට ඉගිළුනා ආදරේ දැනෙද්දී
මඳනලේ කිතිකැවුම් නුඹෙ සෙනේ දවටද්දි
කොඳ මලේ සුගන්ධය මා වටා
ඉහිරෙද්දි
දඟදාන විල් දියේ සෙවනැල්ල
රඟ දෙද්දි
මඳහාසෙ ලියලුවා සියොලඟම
සැනසෙද්දි
සුදු මීඳුමේ මැදින් කදෝ එළි පා වෙද්දි
මනලෝල ඇට්ටේරි මයෙ පපුවෙ හිර වෙද්දි
ප්‍රේමයේ මායාව ගැට පිච්ච
ලං වෙද්දි
දුර පේන නුඹෙ සෙනේ හද සිඹී
නතු වෙද්දි
යස තාල දැවටුවා රෑහි ගෙඹි සාදයේ
හිස සේල ගැවසුවා පිනි මලින්
කාලයේ
තොස බෝම ඉහිරුවා සේපාලි
පෑ ලයේ
රස ගෙත්තමක් වීය මනමාල
සීනයේ
සෘංගාර සුයාමය බෝ රසයි සුගන්ධයි
සංසාර සාගරය නිම්නාඳ වූ වඟයි
ලංකාර ප්‍රේමයක තතු ලිහා කළම්ඹයි
සන්ධ්‍යාව සෝබනා කවියක්ව
පද ගලයි
නුඹ දුරින් දිලෙද්දී
හීනියට රස විතක්
දෙතොලඟේ රැදෙද්දී
දාරයට වැහි වළා මෝදු වී
හැලෙද්දී
හීනයට ඉගිළුනා ආදරේ දැනෙද්දී
මඳනලේ කිතිකැවුම් නුඹෙ සෙනේ දවටද්දි
කොඳ මලේ සුගන්ධය මා වටා
ඉහිරෙද්දි
දඟදාන විල් දියේ සෙවනැල්ල
රඟ දෙද්දි
මඳහාසෙ ලියලුවා සියොලඟම
සැනසෙද්දි
සුදු මීඳුමේ මැදින් කදෝ එළි පා වෙද්දි
මනලෝල ඇට්ටේරි මයෙ පපුවෙ හිර වෙද්දි
ප්‍රේමයේ මායාව ගැට පිච්ච
ලං වෙද්දි
දුර පේන නුඹෙ සෙනේ හද සිඹී
නතු වෙද්දි
යස තාල දැවටුවා රෑහි ගෙඹි සාදයේ
හිස සේල ගැවසුවා පිනි මලින්
කාලයේ
තොස බෝම ඉහිරුවා සේපාලි
පෑ ලයේ
රස ගෙත්තමක් වීය මනමාල
සීනයේ
සෘංගාර සුයාමය බෝ රසයි සුගන්ධයි
සංසාර සාගරය නිම්නාඳ වූ වඟයි
ලංකාර ප්‍රේමයක තතු ලිහා කළම්ඹයි
සන්ධ්‍යාව සෝබනා කවියක්ව
පද ගලයි