විසිරුණු මතක...🌹🌹🌹
සුපුන් සඳ සේ පාන නිලඹර...
සිහින් සළු ඇත වසා ගනඳුර...!
විහින් රිදුමක ඔතා පාකර..
හිතින් සැනසුම් ගෙනෙයි ආදර..!
ඉන්ද්‍ර දෙවිඳුගෙ වරම් ලැබගෙන..
වැන්ඳ දෙවියන් පිං ලබාගෙන..
වින්ඳ දුක්ගිණි සිතින් පිසගෙන..
කන්ද සිපගෙන හිරු උදාවින..!
පෙලින් පෙල තුරු හිසට ලංවුන..
සඳින් කෙලෙසක ලබනු සැනසුම..?
විටින් විට ගැරහුම් රැගෙන එන..
ඉතින් යනු මැන සිතින් ඈතම...!
සිඹින සීතල දුහුල් මදනල ....
පිසින රිදවුම් හිත පුරෝගෙන ..!
මිලින දිවි මග ජය ලබාගෙන..
තුටින විසිරුනු මතක රැඳි දින...!
2025.06.29.
සිහින් සළු ඇත වසා ගනඳුර...!
විහින් රිදුමක ඔතා පාකර..
හිතින් සැනසුම් ගෙනෙයි ආදර..!
ඉන්ද්‍ර දෙවිඳුගෙ වරම් ලැබගෙන..
වැන්ඳ දෙවියන් පිං ලබාගෙන..
වින්ඳ දුක්ගිණි සිතින් පිසගෙන..
කන්ද සිපගෙන හිරු උදාවින..!
පෙලින් පෙල තුරු හිසට ලංවුන..
සඳින් කෙලෙසක ලබනු සැනසුම..?
විටින් විට ගැරහුම් රැගෙන එන..
ඉතින් යනු මැන සිතින් ඈතම...!
සිඹින සීතල දුහුල් මදනල ....
පිසින රිදවුම් හිත පුරෝගෙන ..!
මිලින දිවි මග ජය ලබාගෙන..
තුටින විසිරුනු මතක රැඳි දින...!
2025.06.29.