චිත්‍රා
අවලෝකනය කරනට ඉතිහස පවර
චිත්‍රා සමග සැරුවෙමි පඬුවස්නුවර
ආ ගිය කතා තැන් කියවා නැත ඉවර
හිරු නැග බැස ගියා නොදැනීම ම අවර
එක්ටැම් ගෙයයි තනි කුඩයයි සමානය
දැක්මට නොහැක පානැගු දුර ප්‍රමාණය
සක්මන් මලුව වට අක්මුල් සොයා ගිය
ඉක්මන් උනාවද පළවැනි නුවානය
දෙදෙනකු සමග චිත්‍රාවන් එකම දින
ඇවිදීමත් සතුටක් දෙනවාද මොන
මතු දින ඇය තබා නිවසේ රැඳෙන තැන
එන්නම් තනියම ම ඔබ හා කියනු මැන
එක්ටැම් ගෙයට නැග විසිතුරු නරඹන්න
ඉව ගිය මගේ නැවතත් ගොස් පියඹන්න
නුබ ලඟ තොදොල් වී තාවර වී ඉන්න
තව දවසදි එමි චිත්‍රා හමුවන්න
එදවස තබා ගෙයි චිත්‍රාවන් ගෙදර
පමණක් රැගෙන එමි තුරුළට ගෙන පැදුර
චිත්‍රා උන්මාද මිහිරාවිය සොඳුර
එළනෙමි අඳුර වැටෙනා කල පන්පැදුර.
චිත්‍රා සමග සැරුවෙමි පඬුවස්නුවර
ආ ගිය කතා තැන් කියවා නැත ඉවර
හිරු නැග බැස ගියා නොදැනීම ම අවර
එක්ටැම් ගෙයයි තනි කුඩයයි සමානය
දැක්මට නොහැක පානැගු දුර ප්‍රමාණය
සක්මන් මලුව වට අක්මුල් සොයා ගිය
ඉක්මන් උනාවද පළවැනි නුවානය
දෙදෙනකු සමග චිත්‍රාවන් එකම දින
ඇවිදීමත් සතුටක් දෙනවාද මොන
මතු දින ඇය තබා නිවසේ රැඳෙන තැන
එන්නම් තනියම ම ඔබ හා කියනු මැන
එක්ටැම් ගෙයට නැග විසිතුරු නරඹන්න
ඉව ගිය මගේ නැවතත් ගොස් පියඹන්න
නුබ ලඟ තොදොල් වී තාවර වී ඉන්න
තව දවසදි එමි චිත්‍රා හමුවන්න
එදවස තබා ගෙයි චිත්‍රාවන් ගෙදර
පමණක් රැගෙන එමි තුරුළට ගෙන පැදුර
චිත්‍රා උන්මාද මිහිරාවිය සොඳුර
එළනෙමි අඳුර වැටෙනා කල පන්පැදුර.