කිවුල්
බුරුත අත් ඇන්දයෙහි
පියාඹනු බැරි ඉඩක ඇහිරී
බැරිම තැන හිස ගසන
භේරුණ්ඩ ඇමතුමට ඇහැරී
අවුළුපත්, පුළුටු තැටි
ධූම නැටි සාලයක ඉහිරී
අඩ නෙතින් සවන් දෙමි
අඟුල්මල් පිරිතකට මිහිරී
දිවුල්පත් වියන් යට
පැටලැවුම් ගැටම පිරිමදිමී
දවුල් බෙර හොරණැද
පුවක් මල් කිනිත්තෙන් වයමී
අවුල් කෙස අත ගගා
ඉර හඳද හොඳින් දැයි බලමී
කිවුල් දිය ඇබින්දක්
බැබිල මල් පඳුරකට හලමි
තටු ගසා මොහොතකට
මහ ගෙදර කැටපතට එබෙමි
අටු කොසක රස බලා
ලොව්තුරා උකුලකම නිදමි
කටු ඇනෙන රැවුල් කොට
ආදරය කම්මුලක සොයමී
කටු ගසා වේල් පොට
පින්තූර රාමුවක ලගිමී
පියාඹනු බැරි ඉඩක ඇහිරී
බැරිම තැන හිස ගසන
භේරුණ්ඩ ඇමතුමට ඇහැරී
අවුළුපත්, පුළුටු තැටි
ධූම නැටි සාලයක ඉහිරී
අඩ නෙතින් සවන් දෙමි
අඟුල්මල් පිරිතකට මිහිරී
දිවුල්පත් වියන් යට
පැටලැවුම් ගැටම පිරිමදිමී
දවුල් බෙර හොරණැද
පුවක් මල් කිනිත්තෙන් වයමී
අවුල් කෙස අත ගගා
ඉර හඳද හොඳින් දැයි බලමී
කිවුල් දිය ඇබින්දක්
බැබිල මල් පඳුරකට හලමි
තටු ගසා මොහොතකට
මහ ගෙදර කැටපතට එබෙමි
අටු කොසක රස බලා
ලොව්තුරා උකුලකම නිදමි
කටු ඇනෙන රැවුල් කොට
ආදරය කම්මුලක සොයමී
කටු ගසා වේල් පොට
පින්තූර රාමුවක ලගිමී