සේනට සේන මිස සමවන කෙනෙකු නැත
කවිලොව ගැසුව කිසිවෙකු නොගැසූ පිනුම
ඔබ පරදවා මරු අරගෙන ඇත දිනුම
හැම විෂයක් ගැනම සතු වී තිබු දැනුම
මා වැනි අයෙකු හට කළ හැකි වෙද මිනුම
ඔබ නිවහන අපට අපගෙම නිවස වගේ
විය 'කවි රටාවෙහි' කටයුතු කෙරුණු යුගේ
කරළිය මතදි අප දුටු දළ ඇතෙකු වගේ
කවි ලෝකයට නොම වැටහුනි ඔබගෙ අගේ
ගෙන 'කවි රටා' රට වට සැරිසැරුව යුගේ
'මේධා ඇස් දෙකය උඹ අත් දෙකය මගේ'
යනුවෙන් පැවසු බස මට මතකයට නැගේ
එය සම්මානයකි කවි දිවි මගට මගේ
කෙනෙකුගෙ හැකියාව දුටු විට අගැයීම
අත දිය යුතු අයට නිබඳව අත දීම
ඔබ සිදු කෙරුව බව දෙවරක් නොසිතාම
මා සිහිපත් කරමි ගෞරවයෙන් බෝම
සුන්දර යුගයකදී ගතවුණු අපට කලින්
අතකස මැදුර සැරසුව කවි සුවඳ මලින්
දුටුවන් තුටු වුණේ මුදු තෙත් වචන වලින්
කටයුතු කෙරුව කවියෙකි බිය නැතුව කෙලින්
කරුණා, දයා, සෙනෙහස ගුණ පිරුණු හිත
කවි කරළිය මතදි නෙත රැඳි සොඳුරු වත
ආධුනිකයන් හට නිති දිගු කෙරුණු අත
සේනට සේන මිස සමවන කෙනෙකු නැත
සම ලේකම් - අගනුවර තරුණ කවි සමාජය
ඔබ පරදවා මරු අරගෙන ඇත දිනුම
හැම විෂයක් ගැනම සතු වී තිබු දැනුම
මා වැනි අයෙකු හට කළ හැකි වෙද මිනුම
ඔබ නිවහන අපට අපගෙම නිවස වගේ
විය 'කවි රටාවෙහි' කටයුතු කෙරුණු යුගේ
කරළිය මතදි අප දුටු දළ ඇතෙකු වගේ
කවි ලෝකයට නොම වැටහුනි ඔබගෙ අගේ
ගෙන 'කවි රටා' රට වට සැරිසැරුව යුගේ
'මේධා ඇස් දෙකය උඹ අත් දෙකය මගේ'
යනුවෙන් පැවසු බස මට මතකයට නැගේ
එය සම්මානයකි කවි දිවි මගට මගේ
කෙනෙකුගෙ හැකියාව දුටු විට අගැයීම
අත දිය යුතු අයට නිබඳව අත දීම
ඔබ සිදු කෙරුව බව දෙවරක් නොසිතාම
මා සිහිපත් කරමි ගෞරවයෙන් බෝම
සුන්දර යුගයකදී ගතවුණු අපට කලින්
අතකස මැදුර සැරසුව කවි සුවඳ මලින්
දුටුවන් තුටු වුණේ මුදු තෙත් වචන වලින්
කටයුතු කෙරුව කවියෙකි බිය නැතුව කෙලින්
කරුණා, දයා, සෙනෙහස ගුණ පිරුණු හිත
කවි කරළිය මතදි නෙත රැඳි සොඳුරු වත
ආධුනිකයන් හට නිති දිගු කෙරුණු අත
සේනට සේන මිස සමවන කෙනෙකු නැත
සම ලේකම් - අගනුවර තරුණ කවි සමාජය