යාපනේ පුස්තකාලය දැවුනි
(මෙයට සිව්සාලිස් වසරකට පෙර එනම් 1981 මැයි 31 මැදියම් රෑ
97,000 කට අධික පොත්වලින් සමන්විතවූ දකුණු ආසියාවේ හොඳම
පුස්තකාලය, යාපනයේ පුස්තකාලය, ජාතිවාදී මැරවරයින්
කණ්ඩායමක් විසින් ගිනිබත් කරන ලදී.)
පෙර කලෙක එක් අඳුරු සමයෙක
උතුරුකුරු දිවයිනේ කෙළවර
අකුරු මුතුමල් පිපී හිනැහෙන
එක් සොඳුරු දෙව්ලොවක් වූයෙය.
සුපුල් සත්පියුම් මත
ඉදිරියේ මුතු අකුරු මල’සුන
වැඩ විසූහ බුදුරදහු එහි
යේසුස් ක්‍රිස්තුස්.. අල්ලා දෙවිඳු ද
බ්‍රහ්ම..විෂ්ණු.. මහේශ්වර ද
ගණපති හා සරස්වති ද
වැඩ සිටියේ ඒ දෙව්ලොව
එපමණක්ද
තිස්තුන් කෝටියක්ම දෙවිවරු.
මාක්ස්.. ඒංගල්ස්.. මාවෝ
ගාන්ධිජී.. අලි ජින්නා
තව බොහෝ අය .
වාල්මීකි.. හෝමර්.. ඛයියාම්
ගෝර්කි...චෙකොව්... ටෝල්ස්ටෝයි
ක්‍රිෂ්ණමූර්ති..පරණවිතාන..කුමාරස්වාමි
ශේක්ස්පියර් පමණක් නොව
මහගම සේකරත් එහි.
සුරා’සුර යුද ඇවිලි සමයෙක
දහවලත් කළුවර වු දවසක
නොදන්නා අකුරකුදු මළපොත
නොදන්නා දහමක ගැඹුරු ගුණ
නොදන්නා කිසි කලාවක රස
කඩා වැදුනෙය අසුරයින් එහි.
ගිනිදැලින් වෙලුනිය එ දෙව්ලොව
සදෙව් ලොවටද විසිවී ගිනිපුපුරු
චුතවූහ දෙවිවරුද තිස්තුන් කෝටියම
ධම්මපදය මෙන්ම බයිබලයද
කුරානයද අළුවීය ගිනිවැද
සොඳුරු අකුරු සත් පියුම් සමඟම.
97,000 කට අධික පොත්වලින් සමන්විතවූ දකුණු ආසියාවේ හොඳම
පුස්තකාලය, යාපනයේ පුස්තකාලය, ජාතිවාදී මැරවරයින්
කණ්ඩායමක් විසින් ගිනිබත් කරන ලදී.)
පෙර කලෙක එක් අඳුරු සමයෙක
උතුරුකුරු දිවයිනේ කෙළවර
අකුරු මුතුමල් පිපී හිනැහෙන
එක් සොඳුරු දෙව්ලොවක් වූයෙය.
සුපුල් සත්පියුම් මත
ඉදිරියේ මුතු අකුරු මල’සුන
වැඩ විසූහ බුදුරදහු එහි
යේසුස් ක්‍රිස්තුස්.. අල්ලා දෙවිඳු ද
බ්‍රහ්ම..විෂ්ණු.. මහේශ්වර ද
ගණපති හා සරස්වති ද
වැඩ සිටියේ ඒ දෙව්ලොව
එපමණක්ද
තිස්තුන් කෝටියක්ම දෙවිවරු.
මාක්ස්.. ඒංගල්ස්.. මාවෝ
ගාන්ධිජී.. අලි ජින්නා
තව බොහෝ අය .
වාල්මීකි.. හෝමර්.. ඛයියාම්
ගෝර්කි...චෙකොව්... ටෝල්ස්ටෝයි
ක්‍රිෂ්ණමූර්ති..පරණවිතාන..කුමාරස්වාමි
ශේක්ස්පියර් පමණක් නොව
මහගම සේකරත් එහි.
සුරා’සුර යුද ඇවිලි සමයෙක
දහවලත් කළුවර වු දවසක
නොදන්නා අකුරකුදු මළපොත
නොදන්නා දහමක ගැඹුරු ගුණ
නොදන්නා කිසි කලාවක රස
කඩා වැදුනෙය අසුරයින් එහි.
ගිනිදැලින් වෙලුනිය එ දෙව්ලොව
සදෙව් ලොවටද විසිවී ගිනිපුපුරු
චුතවූහ දෙවිවරුද තිස්තුන් කෝටියම
ධම්මපදය මෙන්ම බයිබලයද
කුරානයද අළුවීය ගිනිවැද
සොඳුරු අකුරු සත් පියුම් සමඟම.