පසක් වී ඇත දෙසූ බුදුදම
කල් යන විටදි මිනිසුන් අදහමින් වෙලී
තිරිසන් විලස හැසිරෙනු ඇත පවින් වෙලී
උන් උන් මරාගෙන වැළපෙති දුකින් පෙලී
යනුවෙන් බුදුන් දෙසු දම ඇත හොඳින් දිලී
තියුණුම තියුණු අවි ආයුධ නිපදවලා
ලොව සැම තැන ම යුද ගිනිදැල් අවුලුවලා
මුළු ලොව නසා ලනු ඇත සිටියදිම බලා
පැවසූ වදන් අද ටික ටික සැබෑ වෙලා
මව්පිය සහෝදර දරුවන් සෙනේ ඇතී
දින දින ඇතැමුන්ට අමතක වෙමින් යතී
නසමින් එකෙක් තම බඩ කට පුරවගතී
හැකි සැම සතාවම හැකිවිට මරන් කතී
පවුලක තිබූ සමගිය සුනු විසුණු වෙලා
ඇන බැන ගැනුම දැන් දින චරියාව වෙලා
පර අඹු පර පුරුෂ සේවන අධික වෙලා
හොර මැර මිනී මරුවන් ඇත ලොවම වෙලා
තෘෂ්ණා කාම රාගෙට දාසයන් වෙලා
පර සෙත නසා රට කති පල් හොරුන් වෙලා
මේ වැනි උන්ගෙ තිරිසන් වැඩ දුරින් බලා
මෘග සිත් ඇති සැවොම රඟදෙති තුටින් බලා
2025 . 06 . 26
Photo Credit; Mattia Faloretti
තිරිසන් විලස හැසිරෙනු ඇත පවින් වෙලී
උන් උන් මරාගෙන වැළපෙති දුකින් පෙලී
යනුවෙන් බුදුන් දෙසු දම ඇත හොඳින් දිලී
තියුණුම තියුණු අවි ආයුධ නිපදවලා
ලොව සැම තැන ම යුද ගිනිදැල් අවුලුවලා
මුළු ලොව නසා ලනු ඇත සිටියදිම බලා
පැවසූ වදන් අද ටික ටික සැබෑ වෙලා
මව්පිය සහෝදර දරුවන් සෙනේ ඇතී
දින දින ඇතැමුන්ට අමතක වෙමින් යතී
නසමින් එකෙක් තම බඩ කට පුරවගතී
හැකි සැම සතාවම හැකිවිට මරන් කතී
පවුලක තිබූ සමගිය සුනු විසුණු වෙලා
ඇන බැන ගැනුම දැන් දින චරියාව වෙලා
පර අඹු පර පුරුෂ සේවන අධික වෙලා
හොර මැර මිනී මරුවන් ඇත ලොවම වෙලා
තෘෂ්ණා කාම රාගෙට දාසයන් වෙලා
පර සෙත නසා රට කති පල් හොරුන් වෙලා
මේ වැනි උන්ගෙ තිරිසන් වැඩ දුරින් බලා
මෘග සිත් ඇති සැවොම රඟදෙති තුටින් බලා
2025 . 06 . 26
Photo Credit; Mattia Faloretti