මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

2025 ජුලි කලාපය

යළිත් ප්‍රේමය දුටුවෙමි

කඳුළු බිඳුවක රිදෙන ඉම ගැන
නොදැන කඳුළක් සෙව්වෙමී
කඳුළු බිඳුවක තෙත සිසිල දැන
යළිත් සිනහව යැද්දෙමී

වැහි දුමාරෙක සීත සුළඟට
පිපෙන හී ගඩු දුටුවෙමී
කවින් වර්ණිත විරහ හැඟුමන්
සැබෑවක් දැයි සෙව්වෙමී

දුමාරය මැද එළිය අතරින්
වඩින උණුසුම හැඳිනෙමී
නුඹේ අඩවන් දෑස් පතුලේ
යළිත් ප්‍රේමය දුටුවෙමී
View Poem