කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

2025 ජුලි කලාපය

මේසය

ලියන්නට පහසුවෙන්
තිබුන නම් මේසයක්
හිතට ආ අදහසක්
සඵල කර ගන්නට
කළයුතුයි ඇණවුමක්

කළා මම ඇණවුමක්
ලැබුන පෙට්ටියක් මවෙත
ඇති බවක් මේසයක්
ලියා ඇත මතුපිටින්

විවර වූ පෙට්ටියෙන්
පින්තුරයක් ඇත එතුළ
මේසයක් වැනි දෙයක

එකතු කළ විට කොටස්
සැදුනි මේසයක් ලෙසට
හරි අගෙයි හරි අගෙයි

කොටස් වූ සිතුවිළි
එකතුකර එකතු කර
හැදෙන පින්තුරයත්
දකී සිත එලෙසටම

මෙය සිතේ මුලාවක්
සැබෑවක් නොවන බව
වැටහුණි ක්ෂණයකින්
නිසසල වූ සිතින් ……….
View Poem