අමිතා පද්මකුමාරි

2025 ජුලි කලාපය

මිඩිය සහ රාත්‍රිය

එන්න මා තුරුලට
වැළඳගෙන විඩා ගත
සනසවා පිරිමදින්නම්
මුමුණනවා සුව යහන

යන්න දැන් යන්න
ඉසිඹුවක් අවැසිනේ
විඩාපත් උවනට
එබී කොඳුරයි නිද්‍රාව

මැදියමත් උදාවී
නිදියන්න නිදියන්න
ඇයි ද තව අවදියෙන්
හඬයි හෝර යතුර

අවසඟය දෑත් පා
නිදිබරය දෙනුවන් ද
ඒත් ඈ වැඩකරයි
ඉවතලා ඇරයුම් ද
View Poem