නාඳුනන සෙබළාගේ සොහොන
ඒ නාඳුනන සෙබළා වෙමි මම
දකිමි සොහොනට එන ඔබ සැම
දහ අට වයසින් යුදයට ගිය මා
රණවිරුවෙක් යැයි කිව් මුත් සැවොමා
වෙඩි කා හෙලමින් අවසන් හුස්මා
මතකයි හැඬුනා සිහිවී අම්මා
පිට රට වෙරළක ගොඩ බැස අළුයම
සෙබළ වෙසින් ඒ කොලු රැළ දිව යන
නිරතුරු වෙඩි මුර හෙල මුදුනින් එන
දරු මිනිසුන් අප එක රොත්තට වැනසුන
සටනට ගොදුරුව මළ මුත් එදවස
සැඟවී සිටි මුත් සොහොනේ සිය වස
නොබියව අද මම පවසමි අදහස
කරුණා කර ඔබ නොවෙනුව උදහස
මා සිරුරු කැබලි සූරා එක් කොට
ගෙනවිත් මේ සොහොනේ තැන්පත් කොට
අසරණ සෙබළෙක් ලෝ විරුවෙක් කොට
තව ගැරහුම් නොකරව් මිය ගිය මා හට
රට වෙනුවෙන් දිවි දුන්නන් සමරණ
කිඹුල් කඳුලින් පුහු බස් තෙපලන
සොහොනට එන සෙන්පති අණ දෙන
සමගින් පැමිණෙන අගමැති මහතුන
ඒ දිවි දුන් සගයින් කල දේ අගයමි
පුතු නැති මවකගෙ වැලපුම හඳුනමි
සැමි මළ බිරිදුනි, ඔබ වියෝව දන්නෙමි
දුක් වූ දරුවනි, යුද පියවරු නොම හිමි
යුදගිනි නිවුනු සාමය පිරි ලොවක් මට
දුන් දා නිමක් නැත මා හද පිරි සතුට
මෙත් දම් පුදා නැතිවූ සොහොයුරන් හට
යහතින් නිදමි ඔබ සමරණ සොහොන යට
දකිමි සොහොනට එන ඔබ සැම
දහ අට වයසින් යුදයට ගිය මා
රණවිරුවෙක් යැයි කිව් මුත් සැවොමා
වෙඩි කා හෙලමින් අවසන් හුස්මා
මතකයි හැඬුනා සිහිවී අම්මා
පිට රට වෙරළක ගොඩ බැස අළුයම
සෙබළ වෙසින් ඒ කොලු රැළ දිව යන
නිරතුරු වෙඩි මුර හෙල මුදුනින් එන
දරු මිනිසුන් අප එක රොත්තට වැනසුන
සටනට ගොදුරුව මළ මුත් එදවස
සැඟවී සිටි මුත් සොහොනේ සිය වස
නොබියව අද මම පවසමි අදහස
කරුණා කර ඔබ නොවෙනුව උදහස
මා සිරුරු කැබලි සූරා එක් කොට
ගෙනවිත් මේ සොහොනේ තැන්පත් කොට
අසරණ සෙබළෙක් ලෝ විරුවෙක් කොට
තව ගැරහුම් නොකරව් මිය ගිය මා හට
රට වෙනුවෙන් දිවි දුන්නන් සමරණ
කිඹුල් කඳුලින් පුහු බස් තෙපලන
සොහොනට එන සෙන්පති අණ දෙන
සමගින් පැමිණෙන අගමැති මහතුන
ඒ දිවි දුන් සගයින් කල දේ අගයමි
පුතු නැති මවකගෙ වැලපුම හඳුනමි
සැමි මළ බිරිදුනි, ඔබ වියෝව දන්නෙමි
දුක් වූ දරුවනි, යුද පියවරු නොම හිමි
යුදගිනි නිවුනු සාමය පිරි ලොවක් මට
දුන් දා නිමක් නැත මා හද පිරි සතුට
මෙත් දම් පුදා නැතිවූ සොහොයුරන් හට
යහතින් නිදමි ඔබ සමරණ සොහොන යට