කළු ජූලිය
කළු ජූලිය මවයි මසිත
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු
කඩ කඩන
ඔළු පලන
කෙහෙ හිඳින
ගිණි තබන
ඇට කඩන
කෑ ගසන
බිය දැනෙන
යක් මුහුණු
මවයි සිත
දණ නමන
හිස නමන
භීතියෙන්
කෑ ගසන
ගිණි වදින
මර බියෙන්
සැඟවෙන්න
තැන් සොයන
ජන ගඟක්
නැති සරණ
මවයි සිත
හිස සිඳළු
ගෙල කැපුනු
කර රහිත
ලේ ගලන
නෙක මිනී
විසිර ඇති
පරිසරය!
එහිම හිඳ
හඬ තලන
දුක කියන
මග අසන
නොදරුවෙක්
ගැහැණියක්
මවයි සිත
දින සති මාස ගණනින්
ගෙවුන ද දශක ගණනින්
කළු ජුලියෙ දුටු එදසුන්
කෙලෙස අමතක කරත් සුදනන්
තැන තැන මිණී කුනුවී
ගඳ වා තලයෙ මුසුවී
බලු කපුටු හඬ මුසුවී
විශාලා මහනුවර මතුවී
සෝ සුසුම්දහරාවන්
කම්පනය වූ දරුවන්
තැන තැන මිනී මරුවන්
හෙළය තුල මැව්වේය නිරයන්
තරු කඩා හැළුනේ
හිරු මල් නොපිපුනේ
සඳ අඳුරෙ ගිළුනේ
ලක්මව හඬා වැටුනේ
කළු ජූලිය මවයි මසිත
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු
මහ දවල්
අපරාධ
කැපුම් හා
නෙක මරණ
සිදු කරන
පෙළ දුදන
නෙතින් දැක
තුවක්කු ද
බයිනෙත්තු
බැටන් පොළු
අරගත්තු
කාකි කෝට්
බොත්තම් පටි
නොසෙල්වී
උඩ බලන්
නැති විටෙක
බිම බලන්
සිටි අයුරු
මවයි සිත
යුධ ටැංකි
ජීප් රථ
ගිණි නිවන
ඔටෝ රථ
ගිලන් රථ
මහ පාරෙ
තැනින් තැන
නොසෙල්වී
සිටි අයුරු
මවයි සිත!
අනීතිය රජ වුන
කළු ජුලියෙ කළු බලය රජවින
මිනිස් දම් වියළුන
බැවින් තුන් හෙළයම අඳුරු වින
දිය ඇලි වියළුනේ
මහ වන පෙත් මැළවුනේ
කොළ මල් බිමට හැළුනේ
ලක් මව හඬා වැටුනේ
පස් මහ ගං දිගේ
කඳුළු දෝරා ගැලුනේ
සමනළ කන්ද මුදුනේ
සමන් දෙවිඳුන් වැලපුනේ
තේ පඳුරු මත්තේ
ඇඟිලි තුඩු වෙව්ලුනේ
ඩා බිඳු නොහැලුනේ
කඳුළු වැහි නොනැවතී වැටුනේ
බුදු පිහිට හිමි මේ රට
කළු ජුලිය අවසන සිට
උතුනියක හඬනා ලෙස
වැලපෙන්නේ ද සදහට
කළු ජූලිය මවයි මසිත
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු
කඩ කඩන
ඔළු පලන
කෙහෙ හිඳින
ගිණි තබන
ඇට කඩන
කෑ ගසන
බිය දැනෙන
යක් මුහුණු
මවයි සිත
දණ නමන
හිස නමන
භීතියෙන්
කෑ ගසන
ගිණි වදින
මර බියෙන්
සැඟවෙන්න
තැන් සොයන
ජන ගඟක්
නැති සරණ
මවයි සිත
හිස සිඳළු
ගෙල කැපුනු
කර රහිත
ලේ ගලන
නෙක මිනී
විසිර ඇති
පරිසරය!
එහිම හිඳ
හඬ තලන
දුක කියන
මග අසන
නොදරුවෙක්
ගැහැණියක්
මවයි සිත
දින සති මාස ගණනින්
ගෙවුන ද දශක ගණනින්
කළු ජුලියෙ දුටු එදසුන්
කෙලෙස අමතක කරත් සුදනන්
තැන තැන මිණී කුනුවී
ගඳ වා තලයෙ මුසුවී
බලු කපුටු හඬ මුසුවී
විශාලා මහනුවර මතුවී
සෝ සුසුම්දහරාවන්
කම්පනය වූ දරුවන්
තැන තැන මිනී මරුවන්
හෙළය තුල මැව්වේය නිරයන්
තරු කඩා හැළුනේ
හිරු මල් නොපිපුනේ
සඳ අඳුරෙ ගිළුනේ
ලක්මව හඬා වැටුනේ
කළු ජූලිය මවයි මසිත
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු
මහ දවල්
අපරාධ
කැපුම් හා
නෙක මරණ
සිදු කරන
පෙළ දුදන
නෙතින් දැක
තුවක්කු ද
බයිනෙත්තු
බැටන් පොළු
අරගත්තු
කාකි කෝට්
බොත්තම් පටි
නොසෙල්වී
උඩ බලන්
නැති විටෙක
බිම බලන්
සිටි අයුරු
මවයි සිත
යුධ ටැංකි
ජීප් රථ
ගිණි නිවන
ඔටෝ රථ
ගිලන් රථ
මහ පාරෙ
තැනින් තැන
නොසෙල්වී
සිටි අයුරු
මවයි සිත!
අනීතිය රජ වුන
කළු ජුලියෙ කළු බලය රජවින
මිනිස් දම් වියළුන
බැවින් තුන් හෙළයම අඳුරු වින
දිය ඇලි වියළුනේ
මහ වන පෙත් මැළවුනේ
කොළ මල් බිමට හැළුනේ
ලක් මව හඬා වැටුනේ
පස් මහ ගං දිගේ
කඳුළු දෝරා ගැලුනේ
සමනළ කන්ද මුදුනේ
සමන් දෙවිඳුන් වැලපුනේ
තේ පඳුරු මත්තේ
ඇඟිලි තුඩු වෙව්ලුනේ
ඩා බිඳු නොහැලුනේ
කඳුළු වැහි නොනැවතී වැටුනේ
බුදු පිහිට හිමි මේ රට
කළු ජුලිය අවසන සිට
උතුනියක හඬනා ලෙස
වැලපෙන්නේ ද සදහට
කළු ජූලිය මවයි මසිත
බියකරු දුම් වළලු නගන
දුගඳ අඳුර මූසල හඬ
බිය චකිතය පිරුණු මුහුනු