ගමනක මතකයක්
ගිය ගමනක් මතකයි
දිනය මට අමතක යි
පාරේ වංගුව මතකයි
ඒ කොතැනදැයි අමතක යි
රතු මල් ගස මතකයි
ගසේ නම අමතක යි
එතැන දිය ඇල්ල මතකයි.
ලඟ තිබු පැල්පත මතකයි
තැඹිළි විකුණු ලඳ මතකයි
පවසක් දැණුනා මතකයි
ඇයව මතකයි, හොඳට මතකයි
ඇයට මා මතකදැයි නොදනිමි
මතකය අලුත් වී
හිත ඉඳී වද දිදී
කාලෙකට පසු නැවත එතැනට
යන්න හිතුනේ ඇයිද නොදනිමි
ගසේ මල් නැත පිපී
දිය ඇල්ල ඇත සිඳී
වසා ඇත පැල්පත
ඔබ කොහිද පියකත
පවස දැනුනා හරියට
මුවට නොව මා දෑසට
දිනය මට අමතක යි
පාරේ වංගුව මතකයි
ඒ කොතැනදැයි අමතක යි
රතු මල් ගස මතකයි
ගසේ නම අමතක යි
එතැන දිය ඇල්ල මතකයි.
ලඟ තිබු පැල්පත මතකයි
තැඹිළි විකුණු ලඳ මතකයි
පවසක් දැණුනා මතකයි
ඇයව මතකයි, හොඳට මතකයි
ඇයට මා මතකදැයි නොදනිමි
මතකය අලුත් වී
හිත ඉඳී වද දිදී
කාලෙකට පසු නැවත එතැනට
යන්න හිතුනේ ඇයිද නොදනිමි
ගසේ මල් නැත පිපී
දිය ඇල්ල ඇත සිඳී
වසා ඇත පැල්පත
ඔබ කොහිද පියකත
පවස දැනුනා හරියට
මුවට නොව මා දෑසට