කරගැටට රළු වුනෙම අත් නුඹෙයි අප්පච්චි...
කරමතට දිවියෙ බර
ගත් රජුයි වෙහෙසිච්චි
සෙනෙහසට දරු පෙමින්
තත් හඬයි පේවිච්චි
මතු දිනට සුබ සිහින
නෙත් මැදයි ඇහැරිච්චි
කරගැටට රළු වුනෙම
අත් නුඹෙයි අප්පච්චි....
නැඟෙන විට පෙරඹරින්
හිරු කිරණ බේරිච්චි
රිදෙන පය අද්දමින්
වැඩ බිමට පිටවෙච්චි
දැනෙන රළු සරතැසින්
මුළු ගතම නෑවිච්ච්
බැඳෙන හැටි දරු පෙමින්
දැනෙනවද අප්පච්චි....
දිනන දින මතු සසර
වෙන්න පුතු රාහුලම
තියනවද නෙතු අතර
ඉන්න ඉඩ මා වෙතම
නිවන හැටි රුදු කතර
පින්න ඉස පා සෙතම
මුමුණමින බුදු සුතුර
දෙන්න ඔබ සේසතම....
✍️... උදයංගනී විජේරත්න.. ගලේවෙල
ගත් රජුයි වෙහෙසිච්චි
සෙනෙහසට දරු පෙමින්
තත් හඬයි පේවිච්චි
මතු දිනට සුබ සිහින
නෙත් මැදයි ඇහැරිච්චි
කරගැටට රළු වුනෙම
අත් නුඹෙයි අප්පච්චි....
නැඟෙන විට පෙරඹරින්
හිරු කිරණ බේරිච්චි
රිදෙන පය අද්දමින්
වැඩ බිමට පිටවෙච්චි
දැනෙන රළු සරතැසින්
මුළු ගතම නෑවිච්ච්
බැඳෙන හැටි දරු පෙමින්
දැනෙනවද අප්පච්චි....
දිනන දින මතු සසර
වෙන්න පුතු රාහුලම
තියනවද නෙතු අතර
ඉන්න ඉඩ මා වෙතම
නිවන හැටි රුදු කතර
පින්න ඉස පා සෙතම
මුමුණමින බුදු සුතුර
දෙන්න ඔබ සේසතම....
✍️... උදයංගනී විජේරත්න.. ගලේවෙල