ශර්මිලා බන්දුනි දන්වත්ත

2025 ජුනි කලාපය

සිනාසීමයි රාජකාරිය

නාඳුනන මුත්
හඳුනනා සේ පිළිගනිමි
මවාගත් සිනහවක්
හැමට එක ලෙස පුදමි
මගෙ තැවුල් කල්පනා
මා වෙතම තබාගමි
හිනහවත් ඉනාවක් නම්
එහි මැවුම්කාරිය වෙමි

නිදි නොමැති රැයක්
ගෙවූ බව ඇස වටා ඇති
කඳුළු වැල් ගැලූ තැන්
වත්සුනෙන් මකා ඇති
වදනක මුවහතක්
ගැඹුරටම ඇනී ඇති
ලේ ගලන හදවතක්
යලි යලිත් මසා ඇති

පැය අටේ වැඩ මුරය
ගෙවෙන තත්පර ගනිමි
ලේ නහර කිතිකැවී
එරෙන කිරි සඟවගමි
රාත්‍රිය අත දරා
නැවතත් කූඩු වෙමි
පිසදාගෙන සිනහව
ජීවිතය වැළඳගමි
View Poem