අනුරාධා ගුණසේකර හොරණ

2025 ජුනි කලාපය

මැණිකේ මම තනිවී

බෝ මළුව ඉහල අහසේ වෙසක් සඳ බැබලෙයි
හිත නිවෙන දහමි පද දෙසවනේ නද දෙයි
සිල් සුවඳ විසිරී පන්සලම සුවඳයි
ඒත් මැණිකේ , හිතේ පැත්තක්ම අඳුරුයි ....


පෝයදින හිමිදිරියේ වෙන දවස් වලදී
මා එක්ක තනියට ගියපු හැටි සිහිවී
අඩි පාරේ පන්සලට අද මෙහෙම තනිවී
යන විටදි හැරි හැරි බැලුව මම මඟදී .....

ඉපදුනොත් මරණය නියත බව දනිමි
මට කලින් නුඹ ගියපු එකයි දැන් වැරදී
මේ තනිය ඉවසන්න බැරි තරම් දුකකී
මැණිකෙ අපි එකටම යමු මතු බවේදි .....



හොරණ
View Poem