සසර වසන තුරු..... අම්මෝ
රට වටේ කරදිය වළල්ලයි පට්ට අව්වක්
වැටෙනවා
එහෙම තිබිලත් ලුනු රහක් නැති කඳුළු පෙර පෙර අඬනවා
හැත්තැ වසරක ගල් පිළිම පණ ඇවිත් හදිසියෙ දොඩනවා
තව්තිසාවලු කලින් තිබුණේ දැන් අපායක්
කියනවා
පැරදුමට පැරදුම එක්කළෝතින් දිනුම ලොස්ට්වී හැලෙනවා
පියානෝ කළ හරිය අමතක උන් පුතානොට වඳිනවා
කට අරින හැම වාරෙදී නැන නුවනෙ මහිමය දිළෙනවා
දුන්නු ආතල් පිං මහිමයෙන් මතු භවේකදි
දිනනවා
නැග්ග රැල්ලෙන් සුනාමියෙදී ගොඩට ආ අය සිටිනවා
විද්ද මුදලුයි රොකට්ටුවකුයි හැංගි මුත්තන් කරනවා
නැද්ද හොරු තව ඇල්ලුවේ කර පිහන ගමනුත් අහනවා
යුද්ධ කළ උන් බලා ඉද්දී සුද්ද කළවුන්
පුදනවා
බටලන්දෙ කජු ණයට දැමුජොලි ඉනෙන් පහළට බහිනවා
දශක ගණනක් දියුණු කළ රට හදන සැළසුම් අඳිනවා
නම ඇහෙද්දිත් ලොවේ ලොක්කෝ බයවෙලා බඩ විදිනවා
බූරුවෙක් මේවා කියනකොට අහන ගොන් බත් බුදිනවා
වැරදි පෙන්වා රට හදන්නට ෆුල්ම ට්‍රයි එක
දමනවා
හොඬක කොටසක් මලක නැට්ටක් යටින් ලාවට පෙනෙනවා
තෙල් හාල් පොල් තුනෙන් රජයක හොඳ නරක දෙක මැනෙනවා
ඡන්දෙ ලංකර අඩුව දෙද්දී දිනපු හැටි සිහි
කෙරෙනවා
වෙනස්වීලා වගෙයි යන්තම් හිතපු මොහොතුත් තියෙනවා
බලන් යනකොට පරණ ඔළුමයි හැදෙන්නැති වග හැඟෙනවා
අපිත් මැරිලා සියක් වසරින් දියුණුවට පා
තබනවා
යළිත් මේකෙම ඉපදේවියැයි මැරෙන්නත් බය හිතෙනවා