රහසින් තව මතක
කටු මැටි පැළේ ඉඳි පැදුරේ සුව නින්ද
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද
බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ
මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට
ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී
දං බෝවිටිය බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ
හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ
කටු මැටි පැළේ ඉඳි පැදුරේ සුව නින්ද
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද
බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ
මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට
ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී
දං බෝවිටිය බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ
හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද
බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ
මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට
ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී
දං බෝවිටිය බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ
හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ
කටු මැටි පැළේ ඉඳි පැදුරේ සුව නින්ද
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද
බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ
මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට
ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී
දං බෝවිටිය බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ
හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ