කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

2025 මැයි කලාපය

මොහොතක අසිරිය

සිතක් උපදී
සිතක් පවතී
සිතක් නැති වේ

සිතක පැවතීම
අනගිතම මොහොතයි
සියලු දේ එලෙසම
හටගනී පවතී නැති වේ

සන්සිදිධියකි මෙය
පවතිනා නිරන්තර
සිහින වූ අතීතය
මතක ගොන්නක් පමණි
ඉපිද නැති මොහොතක්ම
සිහිනයකි අනාගත

එය එසේ වේ නම්
මොහොතක සතුට
මොහොතක සැහැල්ලුව
මැදිහත් වූ සිත
නිසසල වූ සිත
මහා අසිරියකි
මහා අසිරියකි
ලොව පවතිනා .......
View Poem