දිගුකල් දිනේ මව්තුම හෙළ සිනමාවේ!
සහසක් වදන් එක නෙතු බැල්මක ගවසා
දෙබසක් මකා නව නළු රසයෙන් පවසා
තිදසක් කළා ඔබ සළරූ හල සරසා
අහසක් වැසූ තරු මැද දිවයුරු විලසා
දුළ පුන්සඳකි මුව නිති රැඳි සිනා මලින්
ගෙල මුතුහර ද සැඟවිණි දැක ඔබේ දසන්
හෙළ කුලකතක රුව ගුණ සිහිකළ දසුනින්
සළරූ හලට එන දෙව්ලිය වීය නිතින්
පැහැදුල් වත මඬල නිති නෙතගැටුණාවේ
මනකල් රැඟුම් රස අප සිත් රැඳුණාවේ
දිවිමල් කළඹ නිති සුවඳින් පිරුණාවේ
දිගුකල් දිනේ මව්තුම හෙළ සිනමාවේ
දෙබසක් මකා නව නළු රසයෙන් පවසා
තිදසක් කළා ඔබ සළරූ හල සරසා
අහසක් වැසූ තරු මැද දිවයුරු විලසා
දුළ පුන්සඳකි මුව නිති රැඳි සිනා මලින්
ගෙල මුතුහර ද සැඟවිණි දැක ඔබේ දසන්
හෙළ කුලකතක රුව ගුණ සිහිකළ දසුනින්
සළරූ හලට එන දෙව්ලිය වීය නිතින්
පැහැදුල් වත මඬල නිති නෙතගැටුණාවේ
මනකල් රැඟුම් රස අප සිත් රැඳුණාවේ
දිවිමල් කළඹ නිති සුවඳින් පිරුණාවේ
දිගුකල් දිනේ මව්තුම හෙළ සිනමාවේ