සිත මුදවා ගනිමු අපි නෙක විකාරෙන්
නැත කෙළවරක් තිබෙනා කරදර බොහොම
කියමින් දුකෙහි ගැලිලා ඇති අය එහෙම
කියනුයෙ ඇයිද කියලා විමසමු මෙහෙම
හැකිවෙයි විසඳුමක් දෙන්නට හරි කොහොම
කරනා කිසිත් හරියන්නේ නැත අපට
කොඩිවින කරල ඇත කවුරුන් හෝ කපට
සමහරු ඉරිසියයි සිටිනා විට සැපට
එනිසා බලයි අප වට්ටන්නට ලිපට
කාලා ඇඳල අපි සිටිනා විටදි හොඳින්
කටු අනිනවා වැනි සමහර අයට ඉතින්
කාලය ධනය වැය කර කර කුමන ලෙසින්
හෝ වෙර දරති අපගේ සැප නසන රිසින්
මගෙ රැකියාව බැහැ නිසි ලෙස කරගන්න
වෙළඳාමද නොහැක ඉහළට ඔසවන්න
පැන්නුම් පිල්ලි කරමින් අප වනසන්න
වෑයම් කරන හින්දයි මේ සැම ඔන්න
මේ ලෙස නොයෙක් දේ මනසට දමාගෙන
පීඩා විඳිති නැති කරදර හදාගෙන
මේ දේ වලින් වැළකී දිරි වඩාගෙන
සුවසේ වසමු දහමට සිත යොමාගෙන
Photo credit; Benjamin Balázs
කියමින් දුකෙහි ගැලිලා ඇති අය එහෙම
කියනුයෙ ඇයිද කියලා විමසමු මෙහෙම
හැකිවෙයි විසඳුමක් දෙන්නට හරි කොහොම
කරනා කිසිත් හරියන්නේ නැත අපට
කොඩිවින කරල ඇත කවුරුන් හෝ කපට
සමහරු ඉරිසියයි සිටිනා විට සැපට
එනිසා බලයි අප වට්ටන්නට ලිපට
කාලා ඇඳල අපි සිටිනා විටදි හොඳින්
කටු අනිනවා වැනි සමහර අයට ඉතින්
කාලය ධනය වැය කර කර කුමන ලෙසින්
හෝ වෙර දරති අපගේ සැප නසන රිසින්
මගෙ රැකියාව බැහැ නිසි ලෙස කරගන්න
වෙළඳාමද නොහැක ඉහළට ඔසවන්න
පැන්නුම් පිල්ලි කරමින් අප වනසන්න
වෑයම් කරන හින්දයි මේ සැම ඔන්න
මේ ලෙස නොයෙක් දේ මනසට දමාගෙන
පීඩා විඳිති නැති කරදර හදාගෙන
මේ දේ වලින් වැළකී දිරි වඩාගෙන
සුවසේ වසමු දහමට සිත යොමාගෙන
Photo credit; Benjamin Balázs