ලුෂානි දමයන්ති කැකිරාව

2025 මැයි කලාපය

සඳ කුමරිට

තරු මල් නෙක පාට පාට
ලංකාරෙන් පිපුනු දාට
සඳු ඇවිදින් ගාට ගාට
පාළු මකයි අහසෙ රෑට

⁣සිටියත් මම ගොඩක් පාත
ඉඟිළ ගිහින් දුරක් ඈත
තරු අහුරක් ⁣නෙළා දෝත
එන්න හිතයි පවනෙ සීත

සඳුගෙ වටේ ඇවිඳ යන්න
තරුත් එක්ක හාද වෙන්න
කියන කතා අහන් ඉන්න
ආසයි මං ඔහෙට එන්න

සඳේ කැලුම් මෝර මෝර
මිහිමත ඉස හෙළන සාර
වළා යටින් පීර පීර
මට කියන්න එන්න පාර


කැකිරාව
View Poem