උපුලී වීරසේකර

2025 මැයි කලාපය

මා තනි කළ නැගනියට...

වතු සුදු මලක රුව නැහැ නුඹ ලඟ තිබුනේ
දැනමුතු කම් දෙන්න දුරු ගුන නැහැ පෙනුනේ
මව නැති මෙමට සුලු මව ලෙසටයි දැනුනේ
නැගනිය නුඹ නිසයි මේ කවි මල් පිපුනේ

කඳුලැලි මෙලස උතුරන්නට දෙනත අද
නුඹ ඇයි තනි කලේ අසරන අපගෙ හද
ලනු ඇඳ උඩ පියානන් නෙතු කරයි බොඳ
අප හැර ගියා පැල කල එලි කරපු සඳ

දැඩි ආදරය දුකකට පෙරලුනා මෙසේ
හැඩි දැඩි උනේ මෙතරම් හද නුඹගෙ කෙසේ
පොඩි හසරැල්ලෙ රුව බැලු හැම තැනම දිසේ
නුඹ අමතක කලා සොහොයුරු පෙමක රසේ

අමනාපයක් නැ අප හර ගියත් නගේ
ගම තුල කතා විසදන්නට රජෙක් වගේ
අතගත් කුමරු සමගින් වෙල් නියර දිගේ
ඇවිදින් යන්න තව දුරටත් නොකර අගේ

සෙනෙහස පතාගෙන ආදරයෙන් හදතී
සිහිනය එසේ මුත් දිනකදි බොරු කෙරෙතී
නැගනියගෙන් උගත් දේ කීමට කැමතී
ගැහැනිය අපට නොව පිට අයටයි අයිති
View Poem