සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

2025 මැයි කලාපය

නිලතල

ඇත්, අස් වග වළස් මුව සේනා'තර
කුහුඹුවාටත් පොඩි ඉඩක් වෙන්කර
නිවහන කොට මහා වැසි වනාන්තර
බෙදා සම කටයුතු යා නොදී පැහැරහැර

පැණි කුරුල්ලෙකුට, කොවුලෙකුට
උගන්වා තාලයට ගී පද ගයන්නට
බස්සෙකුට අණ කළේ, හ්ම් කියන්නට
සැනසිල්ලේ තවකෙකුට රෑ නිදන්නට

ඉර, හඳ, තරු වෙත පවරා දී වළා වියන
මඳ පවනට ඔවා දී ලෙස, සිසිල බෙදන
කාර්තු වෙත් මල් පිපෙන, කොළ හැලෙන
මැසිවිලි කොතැන, සොබාදම නිලතල බෙදන
View Poem