එකලාවේ කලාව.
රහසේ මා ගැන තාම සොයනවද
ගඟ දිය සෙවනැලි සිප ගද්දී
තුරු අග පිපි මල් සැලී වැටෙනවද
තරු පිණි කඳුලට මුවා වෙවී
ගෙට පැන නටනා සඳ වතුරේ ඇති
මලානිකවු කහ පැහැය දිගේ
කුමට එවනවද මතකයෙ සැමරුම්
සුවසෙ නිදන්නට තිබෙන පැයේ
රැ කුමාරි මල් නිවාඩු ගෙන අද
මද සුළඟත් හුදකලා වෙලා
නුපුරුදු සුවඳක් දැවටි නිසාමද
කවුළුව අස ඇස නතර වෙලා
2025.04.21.
ගඟ දිය සෙවනැලි සිප ගද්දී
තුරු අග පිපි මල් සැලී වැටෙනවද
තරු පිණි කඳුලට මුවා වෙවී
ගෙට පැන නටනා සඳ වතුරේ ඇති
මලානිකවු කහ පැහැය දිගේ
කුමට එවනවද මතකයෙ සැමරුම්
සුවසෙ නිදන්නට තිබෙන පැයේ
රැ කුමාරි මල් නිවාඩු ගෙන අද
මද සුළඟත් හුදකලා වෙලා
නුපුරුදු සුවඳක් දැවටි නිසාමද
කවුළුව අස ඇස නතර වෙලා
2025.04.21.