ස්නේහය
සවන් අතරින් පාව විත්
සියුම් අංශුද කිලිපොළා ගිය
හැඟිම් රිසියෙන් උළා
හද ගත්
නුඹයි කම්පන
දුරින් හිනැහුන,,,
පැතුම් එකිනෙක
සෙමින් අහුරන
පෙමින් රහසින්
මහද තෙරපන
විඩෙන් විඩ පණ නලම
හසුරන
නුඹයි ගැඹුරුම
හදේ ලියවුන,,,
උවම් කරමින්
තුරුල් කරගෙන
වඳන් සුවඳින්
සුවම අතුරන
සියුම් නහරින්
හැඟුම් කලතන
නුඹයි කවියම
මවන පන්හිඳ,,,
ලවන් තෙරපා
හාදු පුරවන
කොපුල් අතරින්
රිද්මෙ ගලපන
නළල් තලයේ ආලෙ විහිදන
නුඹයි සිත්තම
මනෙතු හිරවෙන,,,
විදා කැල්මෙන්
තුරල් නොමවෙන
පවන් සුවඳේ
හැල්මෙ මට දෙන
සදා ප්‍රේමය
පපුව පුරවන
නුඹයි ස්නේහය
තුටම රඳවන,,,🥹
සියුම් අංශුද කිලිපොළා ගිය
හැඟිම් රිසියෙන් උළා
හද ගත්
නුඹයි කම්පන
දුරින් හිනැහුන,,,
පැතුම් එකිනෙක
සෙමින් අහුරන
පෙමින් රහසින්
මහද තෙරපන
විඩෙන් විඩ පණ නලම
හසුරන
නුඹයි ගැඹුරුම
හදේ ලියවුන,,,
උවම් කරමින්
තුරුල් කරගෙන
වඳන් සුවඳින්
සුවම අතුරන
සියුම් නහරින්
හැඟුම් කලතන
නුඹයි කවියම
මවන පන්හිඳ,,,
ලවන් තෙරපා
හාදු පුරවන
කොපුල් අතරින්
රිද්මෙ ගලපන
නළල් තලයේ ආලෙ විහිදන
නුඹයි සිත්තම
මනෙතු හිරවෙන,,,
විදා කැල්මෙන්
තුරල් නොමවෙන
පවන් සුවඳේ
හැල්මෙ මට දෙන
සදා ප්‍රේමය
පපුව පුරවන
නුඹයි ස්නේහය
තුටම රඳවන,,,🥹