ශර්මිලා බන්දුනි දන්වත්ත

2025 මැයි කලාපය

නෑසුණු වදන

අඬන්නට අමතක වෙලා
තිබුණු කාලෙක
ඔබ මට හමුවිය
එකම එක දසුනකින්
ලේ නහර ලියලා
හදවත ගැහෙන්නට විය

හිස සෙමෙන් පිරිමැදි දිනක
වේලිලා තිබුණු දැස තෙත් විය
හදවත නිවෙන පහසකින්
කඳුළු සොරොව්වේ
වාන් දොර විවර විය

ඉතිහාසය ලියාදුන් කතාවේ
පසු වදන ලියවිණිය
"ඔබට පුළුවන්"
කියන වදයි
මින් පෙරදි නෑසුනෙම
View Poem