යොවුන් ප්‍රේමය (පුරුෂ)
උදේ හවසට
පේන මුහුණුය
අවිහින්සකය
නිකෙලෙස්ය
සංසුන්ය
නටන ඇස් දඟකාරය
රාගිකය
කවර මුහුණකට
පෙම් බඳිමි මම්
තෝර දෙන් මහතුනේ මට දැන්
නිකෙලෙස් මුහුණ
ප්‍රියයි දැන්
බැඳී ප්‍රේමයෙන් ඉක්බිති
නැත එහෙම
සරාගී නොවේනම් සිරුර
දඟ නොවේ නම්
ඇඟ දැවටෙන විට
කාලයාගේ ඇවෑමෙන්
සිරි යහන මත
සිරුරට බැන්ද ප්‍රේමය
රෑ නින්ද බිඳ
සැක සංකාවට
හේතුවයි දහවල
කෙලෙස රැකගම්
මහාර්ඝ වස්තුව
උකුසන් ගෙන්
නිතර වට පිට දැවටෙන
දහසක් පිළිණ දී
දිනාගත් ප්‍රේමය
කෙලෙස පවතින්න ද
සංගීයම පමණක්
අහර කොට
එසේ කියතත් පොත පත
බොහෝ අඩු වැඩිය වෙති
සරි ප්‍රාසාද
මල්ගොමුු යාන වාහන
අත වළලු කර මාල
දුර ගමන් අහසින් බිමින්
ප්‍රිය සාද රස මසොවුළු
ලෝකයට පෙනෙන සුරතල්
නොපෙනෙන
ගයහන් ගැබ සුරතල්
මේ ආදර්ශ මොඩලය පමණි
ඇගේ ඇස් කරයි
නිති විමසිලි
දෙවෙනි විය හැකි ද
වෙන කිසි ම ගැහැණියකට
ඒ හීන පැල කරම්
කෙලෙසක
පය ගසා ගත් පොළොව මත
ලෙහෙසි නැති
දුෂ්කර ක්‍රියාවකි.
වුන තැන් නොවුන තැන්
බලන් සකි
යොවුන් පෙම අග මුළ
නොදැන නොසිතා
පිනූ නම්
පිනූ පිම්මේ දොස් දැක
යූ ටර්න් ගහන්න ද දැන්
වෙන කොයිබ යන්න ද
සිව් දිග
එ ද සදා දුක් දෙන
දුෂ්කර ම ගමනකි
තෙරක් නැති
සංසාර සයුරක
19-02-25
පේන මුහුණුය
අවිහින්සකය
නිකෙලෙස්ය
සංසුන්ය
නටන ඇස් දඟකාරය
රාගිකය
කවර මුහුණකට
පෙම් බඳිමි මම්
තෝර දෙන් මහතුනේ මට දැන්
නිකෙලෙස් මුහුණ
ප්‍රියයි දැන්
බැඳී ප්‍රේමයෙන් ඉක්බිති
නැත එහෙම
සරාගී නොවේනම් සිරුර
දඟ නොවේ නම්
ඇඟ දැවටෙන විට
කාලයාගේ ඇවෑමෙන්
සිරි යහන මත
සිරුරට බැන්ද ප්‍රේමය
රෑ නින්ද බිඳ
සැක සංකාවට
හේතුවයි දහවල
කෙලෙස රැකගම්
මහාර්ඝ වස්තුව
උකුසන් ගෙන්
නිතර වට පිට දැවටෙන
දහසක් පිළිණ දී
දිනාගත් ප්‍රේමය
කෙලෙස පවතින්න ද
සංගීයම පමණක්
අහර කොට
එසේ කියතත් පොත පත
බොහෝ අඩු වැඩිය වෙති
සරි ප්‍රාසාද
මල්ගොමුු යාන වාහන
අත වළලු කර මාල
දුර ගමන් අහසින් බිමින්
ප්‍රිය සාද රස මසොවුළු
ලෝකයට පෙනෙන සුරතල්
නොපෙනෙන
ගයහන් ගැබ සුරතල්
මේ ආදර්ශ මොඩලය පමණි
ඇගේ ඇස් කරයි
නිති විමසිලි
දෙවෙනි විය හැකි ද
වෙන කිසි ම ගැහැණියකට
ඒ හීන පැල කරම්
කෙලෙසක
පය ගසා ගත් පොළොව මත
ලෙහෙසි නැති
දුෂ්කර ක්‍රියාවකි.
වුන තැන් නොවුන තැන්
බලන් සකි
යොවුන් පෙම අග මුළ
නොදැන නොසිතා
පිනූ නම්
පිනූ පිම්මේ දොස් දැක
යූ ටර්න් ගහන්න ද දැන්
වෙන කොයිබ යන්න ද
සිව් දිග
එ ද සදා දුක් දෙන
දුෂ්කර ම ගමනකි
තෙරක් නැති
සංසාර සයුරක
19-02-25