අමිතා පද්මකුමාරි

2025 මැයි කලාපය

සොයා යමි බුදු මඟ

බෝපත් සැලි සැලි මඳ සුළඟේ
සැනසුම ගෙනදෙයි බෝ මළුවේ
කරුණා මුදිතා පිරි හිමි සඳුගේ
සෙවනේ මෙත් සිසිලස විහිදේ

කෙලෙස් පසුපස දිවෙන මේ සිත
දැහැන් ගතකර සමිඳු රුව ළඟ
නෙලාගත් මේ උපුල් මල් මිට
තබමි බැතියෙන් සමිඳු පා මුල

ඇසේ නම් බුදුහිමිගේ බුදු බණ
දැනේ නම් මහා කරුණා සුවය
මුදාගෙන මේ සසර බැඳි බැමි
බවුන් වඩනෙමි උතුම් නිවනට
View Poem