මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

2025 මැයි කලාපය

අදින් පසුවට හෙටක් නැති වග

අදින් පසුවට හෙටක් නැති වග
දැන දැනම ආවත් හැරී
අදින් පසුවත් සයුරු වෙරළක
නුඹට කවියක් ලිව හැකී

අදින් පසුවට සිහි වුණත් නුඹ
නෙතට කඳුළක් ගෙන දිදී
අදින් පසුවත් ඇත්තටම නුඹ
තුටින් දැයි විමසිය හැකී

අදින් පසුවට හමු නොවන මුත්
හදේ නුඹ රුව දිලි දිලී
අදින් පසුවත් පුදසුනක් මත
පෙර මතක දල්වනු ඇතී


12/04/25
View Poem