දීපා ද සිල්වා - ලන්ඩනය

2025 මැයි කලාපය

වියපත් සුසුම්...

එල්ලී තිබේ
කෙන්දෙන්
ජීවන සවිය
එය වුව බර වැඩිය
තනි සිතකට කැටිව
යන්නට කියා
සිතුවත්
ගණනින් සියය
පවසනු පමා
කිම මරණය
නුබ තවම

යුග තුන හතර
පසු කර ආ
දිවි ගමනේ
විදි සුව සහන
දුක කදුලද
මත රැදුනේ
කාටත් බරක් වී
කුමටද
තව රැදුනේ
මරණය පවා
පිටුපා යන
හැටි අරුමේ

පරපුර රැක ගතිමි
දිවියද දෙවැනි කොට
මල් වත්තක්ම
මැව්වෙමි
අන් සතු ඉඩක
සතුටක් තිබුනිදැයි
එක දවසක විතර
මතකය එකතුකර
බැලුවෙමි
මග නොහැර

සන්තක
කිසිත් නැත
පරඩල් දිවිය හැර
එනිසද
මරණයේ නුබ
තව අතරමග
කෙලවර දකින්නට
කාලය
පැමිණ ඇත
දැන්නම් මටත්
මා බරකිය
නොසෑහෙන !!!!

Photo Credit; Arlindo Camacho
View Poem