මෙරු මතුවෙන හැන්දෑව
බිත්ති මුල්ල සිවිලිම තුන් කොන් අතර
අත්තිවාරමක් නැති සෙලවෙන ගෙදර
නෙත්ති උල් නොවේ අටපට්ටම් කතිර
සත්ත දැන කඩන බව ගොඩනැගි මැඳුර
පොල් අතු කොනිසි නැත්නම් කොසු මිට උසට
කල් යල් බලා කොතෙකුත් කැඩුවත් බිමට
සිල් ගෙන තටු පොරෝගෙන සිට නෑ නිවට
පැල් බැද මකුළුවා ගොඩනැගුවා යසට
උදේ හවා කැඩුවත් නොම සවි මැදුර
වදේ නොකියාම යලි අටවන පවුර
සඳේ ලප ගනින්නට කල් වැය නොකර,
ඇදේ මකුළුවෙකි පැටලෙන තෙක් ගොඳුර
මකුළු දැලේ විටකදි මෙරු තටු ඇලෙනා
කැකළු බය කරණ හූනන් නිදි මරණා
මහළු මකුලුවෙකි මෙරු බුදිනට ලොබිනා
විසුළු නොවේ බණ පදයකි මේ පෙනෙනා
තටු එන්නේ මෙරුන්ටත් පෙර කළ පවට
තුඹසින් මිදී ඉගිලී යන්නේ උඩට
අටු යට කල් මරණ ගෙඹි ගොඩවෙයි පිලට
දුටු දේ නොවෙයි නිවැරදි වෙන්නේ ඇසට
ගොම්මන් අඳුර වැහි මෝරා වැටෙන වෙලේ
රංඟන අවර තටු පැටලේ මකුළු දැලේ
ලන්වුන මකුළු උකසට නොකරාම මොලේ
රැවටුන ගෙඹි විවාදය තාමත් ඇසුනි පිලේ
කැඩී තටූ වැටේ ගෙම්ඹන්ගේ කටට
තඩී බොරුවක් ය පැලකර ඇති යසට
මඩී පුරවන්න සිතුනත් ගෙඹි කැලට
වඩී මකුළු වැදි මෙරු නලඟන ලගට
අත්තිවාරමක් නැති සෙලවෙන ගෙදර
නෙත්ති උල් නොවේ අටපට්ටම් කතිර
සත්ත දැන කඩන බව ගොඩනැගි මැඳුර
පොල් අතු කොනිසි නැත්නම් කොසු මිට උසට
කල් යල් බලා කොතෙකුත් කැඩුවත් බිමට
සිල් ගෙන තටු පොරෝගෙන සිට නෑ නිවට
පැල් බැද මකුළුවා ගොඩනැගුවා යසට
උදේ හවා කැඩුවත් නොම සවි මැදුර
වදේ නොකියාම යලි අටවන පවුර
සඳේ ලප ගනින්නට කල් වැය නොකර,
ඇදේ මකුළුවෙකි පැටලෙන තෙක් ගොඳුර
මකුළු දැලේ විටකදි මෙරු තටු ඇලෙනා
කැකළු බය කරණ හූනන් නිදි මරණා
මහළු මකුලුවෙකි මෙරු බුදිනට ලොබිනා
විසුළු නොවේ බණ පදයකි මේ පෙනෙනා
තටු එන්නේ මෙරුන්ටත් පෙර කළ පවට
තුඹසින් මිදී ඉගිලී යන්නේ උඩට
අටු යට කල් මරණ ගෙඹි ගොඩවෙයි පිලට
දුටු දේ නොවෙයි නිවැරදි වෙන්නේ ඇසට
ගොම්මන් අඳුර වැහි මෝරා වැටෙන වෙලේ
රංඟන අවර තටු පැටලේ මකුළු දැලේ
ලන්වුන මකුළු උකසට නොකරාම මොලේ
රැවටුන ගෙඹි විවාදය තාමත් ඇසුනි පිලේ
කැඩී තටූ වැටේ ගෙම්ඹන්ගේ කටට
තඩී බොරුවක් ය පැලකර ඇති යසට
මඩී පුරවන්න සිතුනත් ගෙඹි කැලට
වඩී මකුළු වැදි මෙරු නලඟන ලගට