සෙනෙහෙ පතනෙමි
මේ මිහිතලය මත විසිරී කල් ගෙවන
හෙළ වැසියනට මව්බිම අමතක නොවුන
අවුරුදු අසිරියට මේ බක්මහ ගෙනෙන
පතනෙමි සතුට කිරි පැණියෙන් උතුරුවන
ලන්ඩන් කවි පොතට කව් මීවිත පෙරන
රන්දන් සොදුරු හැඟුමන් සිත කවි ලියන
කැන්දන් කවි කිවිදියන් සිප වැලදගෙන
බන්දන් සෙනෙහෙ පතනෙමි තිසරන සරන
හෙළ වැසියනට මව්බිම අමතක නොවුන
අවුරුදු අසිරියට මේ බක්මහ ගෙනෙන
පතනෙමි සතුට කිරි පැණියෙන් උතුරුවන
ලන්ඩන් කවි පොතට කව් මීවිත පෙරන
රන්දන් සොදුරු හැඟුමන් සිත කවි ලියන
කැන්දන් කවි කිවිදියන් සිප වැලදගෙන
බන්දන් සෙනෙහෙ පතනෙමි තිසරන සරන