රස වදනක්
බන්දා පෙම් රැහැණින් මා ගත
සිත
දෙවිලියක්ද සරනා නුඹ මිහි
මත
දේදුනු බැමි සඟල රකින යුග
නෙත
වහන් වෙලා වලාවකට
සඳවත
සිහින් සරින් වයමින් වීණා
තත
මිහිරි ගීය වී රැඳියන්
සවනත
ආදරයෙන් බලා නුඹේ
තරුනෙත
සඳ දිදුලයි පිපිලා සිත්
ගඟනත
ආදර මධු පුරවා නුඹ
ලවනත
සරතැස නිවපන් මාගේ
සිරිකත
රස වදනක් විලස මවන
මීවිත
හැඩකරපන් දිවියේ පෙම්
ගී පොත
රුපු සෙනගට මුවා කරන්
පෙම් සිත
රහසින් සැතපියන් මගේ ලය
මත
දිනෙක මටම හිමිවෙනම් ඔය
අත
දිනනු නොහැකි යුද කවරද
පියකත
සිත
දෙවිලියක්ද සරනා නුඹ මිහි
මත
දේදුනු බැමි සඟල රකින යුග
නෙත
වහන් වෙලා වලාවකට
සඳවත
සිහින් සරින් වයමින් වීණා
තත
මිහිරි ගීය වී රැඳියන්
සවනත
ආදරයෙන් බලා නුඹේ
තරුනෙත
සඳ දිදුලයි පිපිලා සිත්
ගඟනත
ආදර මධු පුරවා නුඹ
ලවනත
සරතැස නිවපන් මාගේ
සිරිකත
රස වදනක් විලස මවන
මීවිත
හැඩකරපන් දිවියේ පෙම්
ගී පොත
රුපු සෙනගට මුවා කරන්
පෙම් සිත
රහසින් සැතපියන් මගේ ලය
මත
දිනෙක මටම හිමිවෙනම් ඔය
අත
දිනනු නොහැකි යුද කවරද
පියකත