නිමල් අබේසිංහ - කඳාන

2025 මාර්තු කලාපය

සඳ බිඹුව ඔබමයි සඳේ

තැනක නිසලව දසුන් මවනා නොයෙක සෙවනැලි ඈ වටා
වනක ගොමුවක හිදැස් අතරින්‍ රස්මි බෙදනා රූ රටා
පලස මත උඳුපියලි විහිදුන නටති හාවුන් පැන නටා
උඹට මෙතරම් උමතු කළහැකි බවක් නොදනිමි ඇත්තටා

නෙතග බැල්මට ලොබ බඳින තොල් රතු වයින් රස කැඳවනා
ඉරත් මුහුදට පෑල දොරෙනුත් රහස් මුමුනා බැසයනා
දෙඅත් අල්ලා ළඟට ගන්නට පෙරුම් පුරමින් සිටියෙනා
කරත් උපමා දෙව් ලියක් යැයි දෙනෙත් ඇසිපිය හෙලමිනා

නුවන් කැල්මට වශී වෙනවා බළල් දෙනකගෙ ඇස් වගේ
වෙවී තාවර වටා කැරකෙයි තුරුල් වෙන්නට රුචි ඇඟේ
වරල් විහිදා ජලේ පීනන කිඳුරු රාජිනියක් වගේ
සුරල් වයමින් කැන්ද ගන්නේ කවදදෝ නිවසට මගේ.

විඳ ගනිමි සිහිලැල් පවන් රැල ගතෙහි සියුමැල්ලට වැදේ
නුඹේ රැස නිල් අහස්ගැබයෙන් පොළෝ මතු මත්තට වැදේ
වට කරන් තරු කුමරියන් කැළ බලන්නට ආසයි නදේ
සිත පිනා යන සඳ බිඹුව නුඹ කුමට උපමා පුන්සඳේ
View Poem