ගින්දර
කඵ දුම අරන් එහෙ මෙහෙ චාමර සලන
දලු කොළ දරණ බෝධිය සියවස් පරණ
පාමුල ඔබා වැලිවල රටකජු බදින
වාමන රූප බඩ ගෙඩි වෙති තළු මරණ
වැඩියෙන් සල්ලි අරගෙන ඉතුරුද නොදෙන
අඩියෙන් අඩිය නාලාගිරි හඬ පිඹින
පඩියෙන් බැස ඇවිත් පඩුරක් විසිකරන
කඩියන් උන්ය පැති කණ්ණාඩිය බලන
කට ඇර ,පනින තුරු තප්පර පැය ගණින
ඇට පෑදෙනා අය වෙති දම්සොඬ හොයන
මට කුණ්ඩලී වුව ඇහැරී පණ ගැහෙන
රට පැණි දොඩම් කඳු වෙති සිල්ලර උනන
හිටගෙන අසූමහ සව්වන් නිදි මරණ
රජ මහ ඇමතියොද වේ පිං පෙත් පුරන
කට උඩ නැගී ඉස්පීකර මත හිඳින
වැට රන්, කපුටුවොය පහළට කැත කරන
අහගෙන කඩින් කඩ පිරිතක හඬ පරම
වහගෙන ඉඳි මකරද නැහුපුඩු තවම
කැහැ කැහැ වුණත් සලකා අව්වක තරම
අරගෙන යන්න ලයිටර්, සීයයි තුනම
Photo Credit ; Mason Hassoun
දලු කොළ දරණ බෝධිය සියවස් පරණ
පාමුල ඔබා වැලිවල රටකජු බදින
වාමන රූප බඩ ගෙඩි වෙති තළු මරණ
වැඩියෙන් සල්ලි අරගෙන ඉතුරුද නොදෙන
අඩියෙන් අඩිය නාලාගිරි හඬ පිඹින
පඩියෙන් බැස ඇවිත් පඩුරක් විසිකරන
කඩියන් උන්ය පැති කණ්ණාඩිය බලන
කට ඇර ,පනින තුරු තප්පර පැය ගණින
ඇට පෑදෙනා අය වෙති දම්සොඬ හොයන
මට කුණ්ඩලී වුව ඇහැරී පණ ගැහෙන
රට පැණි දොඩම් කඳු වෙති සිල්ලර උනන
හිටගෙන අසූමහ සව්වන් නිදි මරණ
රජ මහ ඇමතියොද වේ පිං පෙත් පුරන
කට උඩ නැගී ඉස්පීකර මත හිඳින
වැට රන්, කපුටුවොය පහළට කැත කරන
අහගෙන කඩින් කඩ පිරිතක හඬ පරම
වහගෙන ඉඳි මකරද නැහුපුඩු තවම
කැහැ කැහැ වුණත් සලකා අව්වක තරම
අරගෙන යන්න ලයිටර්, සීයයි තුනම
Photo Credit ; Mason Hassoun