දියණියෙනි
වියැටක් වී නම්
එක්පෙති දෙපෙති ව වැවෙන්නට
වැලඳ හිඳ පොහොනි කල
කළල් තල විනිවිදිය යුතු මැයි.
එ ද
මුල් පසුර සවි තිබිය යුතු මැයි.
කැකුළක් වී නම්
පෙති දිගැ' ර යස රුවට පිපෙන්නට
වෙලී හිඳ රැකවරණ දුන්
මනිපත්‍ර ඈත් කල යුතු මැයි.
එ ද
මල් නටුව සිඳ නො ගත යුතු මැයි.
විහඟක් වී නම්
නබෝ ගැබ වපසරිය මනින්නට
කැදැල්ලෙහි උණුසුමින්
එපිට මං පෙත් සෙවිය යුතු මැයි.
එ ද
ආ හසර සිහි තිබිය යුතු මැයි.
Photo Credit; Edward Howell
එක්පෙති දෙපෙති ව වැවෙන්නට
වැලඳ හිඳ පොහොනි කල
කළල් තල විනිවිදිය යුතු මැයි.
එ ද
මුල් පසුර සවි තිබිය යුතු මැයි.
කැකුළක් වී නම්
පෙති දිගැ' ර යස රුවට පිපෙන්නට
වෙලී හිඳ රැකවරණ දුන්
මනිපත්‍ර ඈත් කල යුතු මැයි.
එ ද
මල් නටුව සිඳ නො ගත යුතු මැයි.
විහඟක් වී නම්
නබෝ ගැබ වපසරිය මනින්නට
කැදැල්ලෙහි උණුසුමින්
එපිට මං පෙත් සෙවිය යුතු මැයි.
එ ද
ආ හසර සිහි තිබිය යුතු මැයි.
Photo Credit; Edward Howell