කුසුම් සුවඳ
මතකය ඉරි තැලෙනා ඉඩෝරේ
සිහිනේ පල නො දරන අවාරේ
තුරු හිස රොන් මී බිඳු නොබේරේ.
එහෙයින් කුසුම් සුවඳ කොහෙන් ඒ ද නොතේරේ.
හදවත දිවයයි, කඳු පාරේ.
වට-පිට, යට හැම අත පීරේ.
විස කටු අකුලට ගත හීරේ.
කැකුළක් හෝ නොදුටිමි මම මහ වන තීරේ.
පුසුඹ ගලාගෙන යයි, දෝරේ.
ළයට ඇනී ගැඹුරට හෑරේ.
සොයමි,නොදුටුවෙන් සිත පෑරේ.
දනිමි, දනිමි අවසන් වූ බව මල් වාරේ.
Photo Credit; Sergey Shmidt
සිහිනේ පල නො දරන අවාරේ
තුරු හිස රොන් මී බිඳු නොබේරේ.
එහෙයින් කුසුම් සුවඳ කොහෙන් ඒ ද නොතේරේ.
හදවත දිවයයි, කඳු පාරේ.
වට-පිට, යට හැම අත පීරේ.
විස කටු අකුලට ගත හීරේ.
කැකුළක් හෝ නොදුටිමි මම මහ වන තීරේ.
පුසුඹ ගලාගෙන යයි, දෝරේ.
ළයට ඇනී ගැඹුරට හෑරේ.
සොයමි,නොදුටුවෙන් සිත පෑරේ.
දනිමි, දනිමි අවසන් වූ බව මල් වාරේ.
Photo Credit; Sergey Shmidt