නුඹ ගිය පසු....
ඉඳහිටක යනෙන අතරතුර මගක නවතිමි
නුඹේ හැඩහුරුකම් අහඹු මුහුණක දකිමි
අමාවක අහසකි දැන් අපේ නිවහන දුක දරමි
ජීවිතේ හරි මහන්සියි නමුත් අත්නොහරිමි..
අවාරෙක ලැබුණු බඹර පහසක සමවැද
දමාගිය මුත් හදිසියේ සුළඟක් විලස අප අතහැර
ලය පලා පෙන්විය හැකියි නිම්නැති ආදරේ උතුරන
කඳුළක් නොලැබ ජීවිතේ ඉතින් සතුටින් ගෙවෙනවද
ඉසිඹුවක් ලද නිමේශයක තනිවෙන්න
මා නැතත් පුංචි පුතු මතකයට එනවද
ගේ පුරා බෝල ඇස් කරකවා නුඹ හොයන
බැරිම තැන අඬ අඬා මොන මොනවදෝ කියන
හීනෙන් නුඹව දැක දෙතොල් අතරින් මුදු කිරිසිනා පාන
එපා නොවෙනා එකම සෙල්ලම දැන් ඔහුගේ දන්නවද
ප්ලිමත්,එංගලන්තය