ලතා ද සිල්වා නවසීලන්තය

2025 මාර්තු කලාපය

කුරුල්ලනේ………

කිචි බිචි කුරුළු කූජන ඇති වැට මානේ
සතුටින් පිරුන පැන යන කුරුලන් රෑනේ
හඬ මා අවදි කරවයි සිටි නිදි යහනේ
සුන්දර දසුනක්ය සැමදා නෙත ගැටුනේ

අහුලන් කන කෑම අපේ තණකොළ බිස්සේ
උදයේ අටට වැටෙනවා වැට කොන අස්සේ
වට පිට බලබලා ඉගිලී බිම බැස්සේ
මට කියනවද ඇයි මා දුටුවම ගැස්සේ


නවසීලන්තය
26 පෙබරවාරි 2025
View Poem