කැලෑව අගයමි
නිවාඩුවක නගරයෙ ඉන්නවට වඩා
කැලේ හොඳයි මට සිත ගත නිවන විඩා
කවුරුත් නැතිවිටදි ඉන්නට දොඩා හඬා
සතුන් සමග මම කුලුපග වෙමි නො දොඩා
මුවන් රංචු එළිමහනේ රඟන විට
අලින් සිටිනු දකිනෙමි බැසගෙන දියට
හෙමින් ගොදුරු සොයනා දිවියන් අවට
බලන් හිඳිමි එනතුරු ගල් තලාවට
පියවි දසුන් නරඹමි මම එක ඇසක
සටහන් වේවි අනිත් ඇසින් කාචයක
වනයේ අසිරි විඳිනා කල දුටු මතක
දැන් ඇත සිහිවටන පිනවන්නට සිතක
තුරුවැල් සැලෙන්නේ තාලයකට සෙයකී
හමන නිහඬ මදනල ගතටත් සැපකී
ගී නාදය විහඟුන්ගේ සවන් වැකී
වචන නැතිව ගැයෙනා සන්ධව නියකී
විඳුමට සිරිය කැලයට එන කලට රතේ
හැඟුමක් මතුව එයි කීමට බියක් නැතේ
තිරිසන් සතුන් රකිනා පිළිවෙත්ද ඇතේ මිනිසුන් සමග සිටියා දැන් ඇතැයි සිතේ
කැලේ හොඳයි මට සිත ගත නිවන විඩා
කවුරුත් නැතිවිටදි ඉන්නට දොඩා හඬා
සතුන් සමග මම කුලුපග වෙමි නො දොඩා
මුවන් රංචු එළිමහනේ රඟන විට
අලින් සිටිනු දකිනෙමි බැසගෙන දියට
හෙමින් ගොදුරු සොයනා දිවියන් අවට
බලන් හිඳිමි එනතුරු ගල් තලාවට
පියවි දසුන් නරඹමි මම එක ඇසක
සටහන් වේවි අනිත් ඇසින් කාචයක
වනයේ අසිරි විඳිනා කල දුටු මතක
දැන් ඇත සිහිවටන පිනවන්නට සිතක
තුරුවැල් සැලෙන්නේ තාලයකට සෙයකී
හමන නිහඬ මදනල ගතටත් සැපකී
ගී නාදය විහඟුන්ගේ සවන් වැකී
වචන නැතිව ගැයෙනා සන්ධව නියකී
විඳුමට සිරිය කැලයට එන කලට රතේ
හැඟුමක් මතුව එයි කීමට බියක් නැතේ
තිරිසන් සතුන් රකිනා පිළිවෙත්ද ඇතේ මිනිසුන් සමග සිටියා දැන් ඇතැයි සිතේ